Tuesday, June 28, 2011

සංක්‍රමණිකයාගේ බිරිඳ ගැයූ උදාන ගීතය

දොළොස් පැයක වැඩ මුරයෙන් මිදීලා
ම හිමි වඩින්නේ මැදියම ගෙවාලා
තෝස නැතිව හිමි එන මග බලාලා
‍කෙළෙස හි‍‍ඳින්න ද මම නිදි වරාලා


ලද යුතු හෙයින් නිදි සුව දරු තුරුල්ලේ
ම හිමි යහන පාමුල නිදි කිරිල්ලේ
සතපා හඬා වැළපෙන උර මඩුල්ලේ
කවදා සනසම් ද මා හිමි නිදැල්ලේ


සැප දෙන නොරටකින් වරයක් ලද බැවින
ආවෙමි මෙ දුරු රට හිමියන් හා තොසින
වරයක් නොලදියෙන් හිමි පෙර ලද ලෙසින
නිරයක් සේ විනි ද ඔහු හට මේ දෙරණ


දිනිඳු වෙසින් වැජඹුණු බිම හැර කලෙක
අඳුරු ලොවක සිර ගත වුණිමු නොරටක
රුදුරු යදම් බිඳ හිමි මිදෙන දිනයක
හිනැහෙමි සසිරි බර නුවරක් දිනු ලෙසක

සිඩ්නි නුවර දී ය..

© තිළිණ රුවන් මලලසේකර

No comments:

Post a Comment